ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් පූජනීය කොම් (Qom) නගරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ශෝක වෙමින් සිටින අතරතුර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනය කරන දැවැන්ත කටාර් නැවක් ඇතුළු තෙල් නැව් තුනකට අඟහරුවාදා දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් කටාර් රාජ්‍යයට අයත් ‘අල් රෙකයිට්’ (Al Rekayyat) නමැති දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවේ එන්ජින් කාමරයේ දරුණු ගින්නක් හටගෙන ඇති අතර, එය ඕනෑම මොහොතක පුපුරා යාමේ අවදානමක් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
රාත්‍රී කාලයේදී එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය සෘජුවම ඉරානයට චෝදනා කර සිටියි. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ නව එකඟතාවකට නොපැමිණියහොත් තමන් ඉරානය සමඟ නැවතත් යුද්ධය ආරම්භ කරන බවයි. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ ට්‍රම්ප්ගේ මෙම තර්ජන දැනට පවතින සටන් විරාම (Ceasefire) ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















