ඝාතනයට ලක්වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ (Ayatollah Ali Khamenei) දේහය රැගත් දේහ විලංගුව ඉරාකයේ පූජනීය නගරයක් වන නජාෆ් (Najaf) වෙත අඟහරුවාදා රැගෙන ආ බව ඉරාක රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි. එහිදී ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සයිදි (Ali al-Zaidi) ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් දේහය නිල වශයෙන් භාරගෙන තිබේ. අවමංගල්‍ය උත්සව සහ මහජන ගෞරව දැක්වීමේ මහා පෙරහැරක් පැවැත්වීමට නියමිතව ඇත්තේ මීට සමගාමීවය.
නජාෆ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පැවැත්වුණු මෙම නිල පිළිගැනීමේ අවස්ථාව සඳහා ඉරාක දේශපාලන නායකයින් සහ ෂියා (Shi’ite) ආගමික නායකයින් රැසක් සහභාගී වී සිටියහ. බදාදා දිනයේදී නගරය පුරා පැවැත්වීමට නියමිත මහජන ශෝක ප්‍රකාශ කිරීමේ සහ ගෞරව දැක්වීමේ මහා පෙරහැර සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















