හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී සිදුවන ප්‍රහාරයන්ට එරෙහිව දැඩි පියවරක් ගනිමින්, ඉරාන බොරතෙල් අලෙවි කිරීමට අවසර ලබා දී තිබූ පොදු බලපත්‍රය (General License) අවලංගු කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය සිදු කරන ක්‍රියාකාරකම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, ඊට නිසි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් අමෙරිකානු උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
උපායමාර්ගිකව වැදගත් වන මෙම මුහුදු කලාපය තුළ මෑත දිනවලදී හඳුනා නොගත් ප්‍රහාරක අවි (Projectiles) මඟින් තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකා තුනකට ප්‍රහාර එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අනුබද්ධ UKMTO ආයතනය තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, මෙම බලපත්‍ර අවලංගු කිරීම හෝ නැව් ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් පාලනය මෙතෙක් නිල ප්‍රකාශයක් හෝ වගකීම භාර ගැනීමක් සිදු කර නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















