ආරක්ෂක කටයුතු, අර්ධ සන්නායක (Semiconductors) සහ රේඩාර් පද්ධති සඳහා අත්‍යවශ්‍ය වන උපායමාර්ගික ලෝහ නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් ‘ටෙක් රිසෝසස්’ (Teck Resources) සමාගම සමඟ කැනේඩියානු ඩොලර් මිලියන 400ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 281.93ක) විභව කොටස් ආයෝජනයකට කැනඩා රජය එකඟ වී තිබේ. බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පිහිටි ‘ට්‍රේල් ඔපරේෂන්ස්’ (Trail Operations) පහසුකම පුළුල් කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිත බව කැනඩා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළේය.
දුර්ලභ ඝනයේ ලෝහ සැපයුම සම්බන්ධයෙන් චීනය සතු ඒකාධිකාරයට විකල්ප සෙවීම සඳහා කැනඩාව සහ G7 මිත්‍ර රටවල් උත්සාහ කරන පසුබිමක මෙම පියවර ගෙන තිබේ. මෙම ගිවිසුම යටතේ ජර්මේනියම් (Germanium), ඇන්ටිමනි (Antimony) සහ ගැලියම් (Gallium) වැනි දුර්ලභ ලෝහවල අනාගත නිෂ්පාදන අයිතිය සුරක්ෂිත කර ගැනීමටද කැනඩා රජයට අවස්ථාව හිමි වේ. ගෝලීය වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වයන් හමුවේ මෙවැනි වැදගත් ව්‍යාපෘති දේශීයව ශක්තිමත් කිරීම මෙම අරමුදලේ ඉලක්කය බව කැනඩා අමාත්‍ය ටිම් හොජ්සන් (Tim Hodgson) ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















