මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කාපට් මාර්ග කිලෝමීටර් 507ක් නවීකරණය කිරීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් ඉංජිනේරු එම්.ඒ.සී. කුමාර මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ බිබිල සහ වැල්ලවාය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල මැදිහත් වෙමින් මාර්ග දෙපස හෙළිපෙහෙළි කිරීම, කානු පද්ධති පිරිසුදු කිරීම, වළවල් පිළිසකර කිරීම මෙන්ම නාම පුවරු සහ මාර්ග සලකුණු සකස් කිරීම සිදු කිරීමට නියමිතය. මීට අමතරව, රුපියල් මිලියන 392ක අතිරේක පිරිවැයක් දරමින් හිඟුරුකඩුව – පස්සර මාර්ගයේ කිලෝමීටර් 6ක කොටසක් කාපට් කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.
















