කිරිබත්ගොඩ කැලණිය තරුණ බෞද්ධ සංගමයේ (YMBA) නව ගොඩනැඟිල්ල පසුගියදා (02) නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කර තිබේ. ශ්‍රී කල්‍යාණි රජමහා විහාරය සහ කිත්සිරි මෙවන් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
මෙම නව ගොඩනැඟිල්ල මඟින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය සේවා තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව නාහිමිපාණන් වහන්සේ මෙහිදී අවධාරණය කළහ. මෙම අවස්ථාවට කිරිබත්ගොඩ සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.
















