ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ ඉරානයේ හිටපු ජනාධිපති මහමූද් අහමඩිනෙජාඩ් (Mahmoud Ahmadinejad), ඉරාන හිටපු උත්තරීතර නායක අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙමින් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරාන් අගනුවර පැවැත්වුණු මෙම අවමංගල්‍ය පෙරහැරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වී සිටි අතර, ඒ අතර හිටපු ජනාධිපතිවරයා ද සිටීම සැමගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් අල් කමේනි ඇතුළු ඉරාන ඉහළ පෙළේ නායකයන් ඝාතනය වූ දිනයේදීම අහමඩිනෙජාඩ් ද මියගිය බවට එවකට ප්‍රබල මතයක් පැතිර ගියේය. ඉන්පසු ගතවූ මාස 4ක කාලය පුරා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර, ඇමෙරිකා-ඉරාන යුද ගැටුම්වලින් පසුව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ.
















