ඇමතිවරුන්ගේ රූපක (ඩමි) පුච්චමින් උද්ඝෝෂණය කරන ගොවීන්ට ඉදිරියේදී පසුතැවීමට සිදුවනු ඇතැයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. තලාව ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩල ගබඩා නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තඹුත්තේගම ගොවි උද්ඝෝෂණ මෙහෙයවන ඇතැම් පිරිස් මීට පෙර වී අලෙවි මණ්ඩලයේ ගබඩා පෞද්ගලික අංශයට විකුණූ අය බවයි. කෙසේ වෙතත්, වී සඳහා දැනටමත් රුපියල් 120ක ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, තව සති කිහිපයකින් රජය වී මිලදී ගැනීම් විධිමත්ව ආරම්භ කරන බැවින් ගොවීන්ට දේශපාලන උගුල්වලට හසු නොවී කලබල නොවන ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියේය.
















