මධ්‍යම සංස්කෘතික අරමුදල මෙන් පුරාවිද්‍යා තෑගි අරමුදල ද ඉතා ශක්තිමත් මට්ටමකට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති සුනිල් සෙනෙවි මහතා පවසයි. ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, පුරාවස්තුවලට හානි කරන්නන්ගෙන් අය කරන දඩ මුදල් මෙතෙක් කල් භාණ්ඩාගාරයට බැර වුවද, නව පනත් සංශෝධනය හරහා එම මුදල් පුරාවිද්‍යා ක්ෂේත්රයේ ප්‍රගතිය සඳහාම යෙදවීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවයි. ඒ අනුව ලැබෙන දඩ මුදල්වලින් 10%ක් තොරතුරු සපයන්නන්ට ද, 30%ක් වැටලීම් කරන නිලධාරීන්ට ද, 40%ක් නීති නිලධාරීන්ට ද වෙන් කෙරෙන අතර ඉතිරි 20% පුරාවිද්‍යා පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අරමුදලට බැර කෙරේ. වසර 28ක් තිස්සේ ක්‍රියාත්මක නොවූ මෙම ක්‍රියාවලිය හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ශක්තිමත් සංචිතයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















