දිවයින පුරා ක්‍රියාත්මක වන සංචාරක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ලබන වසරේ අයවැය මගින් සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. මෙම ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම වාර්තාව ලැබීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති සහ වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා රැසක් ඉදිරිපත් කරන ලදී. මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සහ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ.
















