ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් නාත්තන්ඩිය, මහවැව ප්‍රදේශයේ පිහිටි ‘හොරකැලේ වත්ත’ ගොවිපොළ ආශ්‍රිතව ‘Silicone City’ නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.
ප්‍රදේශයේ පවතින සාරවත් සිලිකා වැලි නිධිය සහ දිවයිනේ උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) සම්පත උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. ව්‍යාපෘතියට අදාළව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා සිලිකා නිධියේ නිශ්චිත ප්‍රමාණය කඩිනමින් තක්සේරු කිරීමටත්, පරිසර පද්ධතිය උපරිමයෙන් ආරක්ෂා කරමින් දේශීය හා විදේශීය ආයෝජන කැඳවීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත. තිරසාර සංවර්ධන සංකල්පයට මුල්තැන දෙමින් නවීන තාක්ෂණය ඔස්සේ කර්මාන්තපුරය ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, එමගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව රැකියා අවස්ථා රැසක් උදා වනු ඇත.
















