ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ (OPA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. කෘෂිකාර්මික, ඉදිකිරීම්, වෛද්‍ය සහ නීති වැනි විවිධ ක්ෂේත්රවල ගැටලුවලට මුහුණ දෙන මහජනතාවට, අදාළ වෘත්තීය සංගම් හරහා සෘජුවම පූර්ව උපදෙස් හා මගපෙන්වීම් (Pre-advice) ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව OPA නියෝජිතයෝ මෙහිදී පැවසූහ. ජාතික සංවර්ධනය වෙනුවෙන් වෘත්තීයවේදීන් දක්වන දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, රටේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට ගන්නා මෙම උත්සාහයට රජයේ උපරිම සහයෝගය දෙන බව අවධාරණය කළාය.
















