ස්පාඤ්ඤය නේටෝ (NATO) සන්ධානයේ නව ආරක්ෂක වියදම් ඉලක්කවලට එකඟ නොවීම සහ ඇමෙරිකාවේ ආරක්ෂක මෙහෙයුම්වලට සහාය නොදීම හේතුවෙන්, එරට සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම නතර කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ට උපදෙස් දී තිබේ. තුර්කියේ පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර සන්ධානයේ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැති සාකච්ඡාවකදී ට්‍රම්ප් මහතා මේ බව ප්‍රකාශ කර ඇත. “ස්පාඤ්ඤය කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. මට ඔවුන් එක්ක වෙළඳාම් කරන්න ඕනෙ නැහැ,” යැයි පවසමින් ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර තිබේ. මේ අතර, ඉරාන අර්බුදයේදී ඇමෙරිකාවට සහාය නොදැක්වීම නිසා ස්පාඤ්ඤය නේටෝ සන්ධානයෙන් තාවකාලිකව අත්හිටුවීමේ යෝජනාවක් පවා පෙන්ටගනය තුළ සාකච්ඡා වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
















