කල් ඉකුත් වූ සහ නිසි ලේබල් රහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු චෝදනා හයකට වැරදිකරු වූ කොල්ලුපිටියේ සිල්ලර වෙළෙන්දෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 600,000ක දඩයක් පනවා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, ආනයනික ඇසුරුම් කළ කුකුළු මස්, නිෂ්පාදකයාගේ විස්තර නොමැති පාන් වර්ග, SLS සහතිකය නොමැති සීනි සහ කල් ඉකුත් වූ ආහාර රැසක් සොයාගෙන ඇත. අද (08) නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා 6ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් මෙම දඩය පැනවූ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගත් සියලුම ආහාර ද්‍රව්‍ය වහාම විනාශ කරන ලෙසද නියෝග කළේය.
















