මෙවර එමී සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් හිමි කර ගනිමින් වාර්තා අතරට එක් වීමට ‘ද පිට්’ (The Pitt) සහ ‘හැක්ස්’ (Hacks) සමත් වී තිබේ. එහිදී සිය දෙවන වාරය සඳහා නිර්දේශ 25ක් දිනා ගනිමින් ‘ද පිට්’ සමස්ත නාමිකයන් අතුරින් පෙරමුණ ගත් අතර, තමන්ගේ අවසන් වාරය නිකුත් කළ ‘හැක්ස්’ හාස්‍යෝත්පාදක කාණ්ඩයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාව වන 24ක් හිමි කර ගනිමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.
















