අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා හෝ බෝම්බ හෙලන යානා කිහිපයක් මධ්‍යධරණී මුහුද හරහා ගමන් කරමින් පවතින බව ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත (Flight radar) මගින් තහවුරු වී තිබේ. මැදපෙරදිග සහ යුරෝපා කලාපයේ යුද උණුසුම ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ අමෙරිකාවේ මෙම හදිසි හමුදාමය ගුවන් ගමන් වාර පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශවල දැඩි අවධානය යොමු වී ඇත. මෙය යම් හදිසි මෙහෙයුමක පෙර සූදානමක් ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
















