මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් කලින් ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව නිලධාරීන් යොදවා තිබූ නිසා සිදුවීමට ගිය විශාල හානිය අවම කර ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේමන්ත කුමාර මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙවැනි සිදුවීම් පිළිබඳව බුද්ධි තොරතුරු නිරන්තරයෙන් ලැබෙන බවත්, ඒ අනුව අදාළ ස්ථාන වෙත නිලධාරීන් යෙදවීම ඇතුළු පූර්වාරක්ෂක පියවර ගෙන තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
















