ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, 2026 ජූලි 13 වන දින සිට 19 වන දින දක්වා කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන වශයෙන් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ, මහරගම කලාපය සහ කෝට්ටේ කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.
එබැවින්, ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා බිල්පත්වල පවතින හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීම මගින් සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද මණ්ඩලය වැඩිදුරටත් දන්වයි.
















