අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සැලකිය යුතු ඉහළ යෑමක් අද (09) උදෑසන වන විට වාර්තා විය.
අද (09) උදෑසන 6.00 වන විට ලැබුණු නවතම දත්තවලට අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28ක් දක්වා සියයට 1.03කින් ඉහළ ගොස් ඇත. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.01ක වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 78.81ක් ලෙස සටහන් වේ. තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් මිල සියයට 6.67ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 73.57ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මිල ගණන් ඉහළ යෑම කෙරෙහි දෙරට අතර නැවත ආරම්භ වූ ප්රහාරයන් දැඩි බලපෑමක් එල්ල කර ඇත.
















