මේ අවස්ථාවේ තමන්ට අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීම සඳහා කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ මොහොතේ තමන්ට අමාත්‍ය ධුර භාර ගැනීමට නීතිමය ඉඩක් නොමැති හෙයින්, තමන්ට එම ධුර ලබා දෙන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමෙන් හෝ තමන්ගෙන් එම ධුර භාර ගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් පලක් නොවන බවයි.
















