පාකිස්තානයේ කරච්චි වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේදී අතුරුදන් වූ K2 එයාර්වේස් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ. පැය 12ක දැවැන්ත ගැඹුරු මුහුදු සෙවුම් මෙහෙයුමකින් අනතුරුව මෙම සුන්බුන් සොයාගෙන ඇත.
පෙර වාර්තා වූ පරිදි, මෙම ගුවන් යානය සිය ගුවන් ගමනේදී නාවික දිශානති පද්ධතියේ (Navigational System) ඇති වූ දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් පසු රේඩාර් තිරයෙන් අතුරුදන් විය. යානයේ සුන්බුන් සොයා ගැනීමත් සමඟ, යානයේ ගමන් ගත් පිරිස සෙවීමේ මෙහෙයුම් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ගැඹුරු මුහුදු සෙවුම් මෙහෙයුම් කණ්ඩායම් සහ පාකිස්තාන නාවික හමුදාව එක්ව, අතුරුදන්වූවන් සොයා ගැනීමට සහ ගුවන් යානයේ කළු පෙට්ටිය (Black Box) ආශ්‍රිත දත්ත ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.
















