නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අද (ජූලි 09) යළි නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා යන අය මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මීට පෙර රඳවා ගැනීමේ නියෝග මත නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, පසුගිය ජුනි මස 26 වැනිදා නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස මහත්මිය විසින් මොවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.
















