මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියාට විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගෙන් මරණීය තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ. ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු රටවල් රැසක සැඟව සිටින අපරාධකරුවන් විසින් මෙම තර්ජන එල්ල කර ඇති බව පැවසේ.
අදාළ පොලිස් නිලධාරියාගේ රාජකාරිමය මැදිහත්වීම හේතුවෙන් ජාවාරම්කරුවන්ගේ සැලසුම් ව්‍යර්ථ වීම මෙයට ප්‍රධාන හේතුව බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ, එම නිලධාරියාගේ ජීවිතාරක්ෂාව සහ ආරක්ෂාව තහවුරු කරන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් බලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉල්ලීම් සිදු කර තිබේ.
අපරාධ මැඩලීම සඳහා සිය වගකීම නිසි ලෙස ඉටු කළ නිලධාරියෙකුට එල්ල වන මෙවැනි තර්ජන පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව ඇති අතර, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතී.
















