ග්‍රාම නිලධාරි වසම් 42ක පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සැපයීම අරමුණු කරගත් තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය හෙට (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙරට පානීය ජල ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කිරීමේ අරමුණින් ජල සම්පාදන හා කළමනාකරණ ව්‍යාපෘති රැසක් රජය විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙළ යටතේ ජපන් රජයේ ආධාර මත රුපියල් බිලියන 32ක වියදමින් කැබිතිගොල්ලෑව ජල සම්පාදන ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කර ඇත. පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පමණක් රජය මෙම වසර තුළ රුපියල් බිලියන 175ක මුදලක් වෙන් කර තිබීම විශේෂත්වයකි.
ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටින කිවුල් ජලය භාවිත කිරීමේ ගැටලුවට මෙම ව්‍යාපෘති හරහා ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත. සුරක්ෂිත පානීය ජලය ලබාදීම මගින් හඳුනා නොගත් වකුගඩු රෝගය වැළැක්වීමට සහ එම රෝගී තත්ත්වය අවම කර ගැනීමට හැකි වනු ඇති බව රජය අපේක්ෂා කරයි.
















