• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව

දක්ෂිකාගේ සිහිනයෙන් පළිගත් හැටි

9 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිර පිවිසුම අසල විශේෂිත සිහිවටන ඵලකයක් තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ නිල සිහිවටන ඵලකය වන මෙහි ඉහළින්ම සඳහන් වන්නේ MORE OPEN THAN USUAL යන පාඨයයි. මෙම පාඨය 1954 අප්‍රේල් 20 වන දින විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරු විසින් සිය කථාවේදී සඳහන් කරන ලද්දකි. එහි වඩාත් පිළිගත් අර්ථය වනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය “සාමාන්‍ය තත්ත්වයටත් වඩා විවෘත” වන බවය.
පිලිප් කුමරු එසේ ප්‍රකාශ කළද, එම වැකිය ගලේ කොටා සනාථන මන්දිරයේ සවිකර තිබුණද, ඇතැම් කාරණා සම්බන්ධයෙන් නම් පේරාදෙණියේ ඇත්තේ විවෘතභාවයක් නොව සැඟවුණ කඳුළු කතාවන්ය. පේරාදෙණියේ ජීවිතය දිනාගත්තු අය පිළිබඳ නොයෙක් වර්ණනාත්මක කතා කියැවෙන්නේ වී නමුදු, මෙම භූමියට පය තැබීමෙන් පසුව එහි වසන ඇතැම් දුර්ජනයන්ගේ පළිගැනීම් හේතුවෙන් විනාශ වී ගිය ජීවිතවල කඳුළු කතාවන් පිළිබඳව නම් කියැවෙන්නේම නැති තරම්ය.
(මෙහිදී “ඇතැම්” යන වචනයට අප බර තබන්නේ, මෙම ස්ථානයේ දෙවිවරුන් වැනි ගුරුවරුන්ද, මනුසත් ගුණයෙන් පිරුණු මිනිසුන්ද බොහෝ සිටිනා බැවිනි. දුර්ජනයන් කිහිපදෙනෙකු සිදුකර ඇති ක්‍රියාවන් පිළිබඳ අප කතා කරන විට, එම යහපත් මිනිසුන්ගේ සිත් රිදවා ගත යුතු නැති බව අපි තරයේම කියා සිටිමු.)
දක්ෂිකා චංදලී විජේසේකර නම් ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යාවගේ කතාව එබන්දකි. අපේ මේ වෑයම තවත් කිසිවෙකුට එබඳු ඉරණමක් අත් නොවීමට මෙම කතාව ලියා තැබීමටය.
කතාව මෙසේය:
මහනුවර, තැන්නේකුඹුර, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දක්ෂිකා චංදලී විජේසේකර සිය පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු දෙස ද එකසේ දස්කම් පෑ මෙම දැරිවිය පාසලේ ගුරුවරුන්ගේ නොමඳ ආදරයට ලක්විය. ඇයගේ දක්ෂතාවය හා කැපවීම නිසාම, දිවයිනේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක් වූ උසස් බාලිකාවේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වීමටද ඇයට අවස්ථාව ලැබුණි. ගුරු දෙගුරු සියල්ලන්ම අනාවැකි කියා තිබුණේ දක්ෂිකා සිය නමට සරිලන දීප්තිමත් අනාගතයකට හිමිකම් කියනු ඇති බවටය.
පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස බාහිර වැඩ කටයුතු රාශියක් අතරතුරදී වුවද සිය අධ්‍යාපන කටයුතු මග නොහැර කටයුතු කළ දක්ෂිකාට, 2015 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් 1.1742 ක Z-ස්කෝර් අගයක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීමට හැකියාව ලැබුණි. නියමිත ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළද ඇයට මුල් අවස්ථාවේදී පාඨමාලාවක් සඳහා ඇතුළත් වීමට අවස්ථාවක් ලැබී නැත. එහෙත් පසුව අතිරේක බඳවා ගැනීම් (Additional Intake) යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වීමට ඇයට අවස්ථාව ලැබුණි.
ඒ අනුව 2017 වසරේදී ශිෂ්‍ය අංක A/15/AI/825 යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලියාපදිංචිය ලැබූ ඇය සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සතුටින් ආරම්භ කර ඇත.
සතුට දුකට පෙරළුණ හැටි ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
Post Views: 8
Previous Post

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් නඩුවක්

Next Post

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය හෙට ජනාධිපති අතින් ජනතා අයිතියට

Editor TTV News

Editor TTV News

Next Post
තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය  හෙට ජනාධිපති අතින්  ජනතා අයිතියට

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය හෙට ජනාධිපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved