මීගහතැන්න පොලිස් වසමේ, ලිහිණියාව මැල්ල මූකලාන මාවතේ පදිංචි තරංග ජයනාත් මහතාගේ නිවසට සහ වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් එහි තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර පළාගොස් තිබේ.
මෙම සොරකම සිදු කර ඇත්තේ ආර්.කේ. කුමාර (රුවන්) නැමැති පුද්ගලයා බව හඳුනාගෙන ඇත. යුද හමුදාවෙන් පලා ආ අයෙකු බව පැවසෙන සැකකරු, අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකි. මීට පෙරද ප්‍රදේශ ගණනාවක මෙවැනි සොරකම් සිදු කර ඇති මොහු, මීගහතැන්න ප්‍රදේශයේ වත්තක සැඟවී සිටියදී මෙම සොරකම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු පිළිබඳ හෝ ඔහු සැඟවී සිටින ස්ථානයක් ගැන තොරතුරක් දන්නා අයෙකු වෙතොත් වහාම වෙළඳසැල් හිමිකරු වන තරංග ජයනාත් මහතාගේ 076 8952947 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. සැකකරු අල්ලා ගැනීමට සහාය වන අයෙකුට සුදුසු තෑගි මුදලක් පිරිනැමීමටද ඒ මහතා තීරණය කර ඇත.
















