ඉරානයේ ෆාර්ස් පළාතේ අගනුවර මෙන්ම එර රට ප්‍රධානතම සංස්කෘතික, කාර්මික සහ ආර්ථික මධ්‍යස්ථානයක් වන ෂිරාස් නගරයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ටැබ්ස්මා ධ්‍ය ජාලයේ මාධ්‍යවේදී සැමුවෙල් වාර්තා කරන අන්දමට, ප්‍රහාරයත් සමඟ මිලියන 1.8ක පමණ ජනගහනයක් වෙසෙන මෙම ඓතිහාසික නගරයේ පිහිටි ඉලෙක්ට්‍රොනික ආරක්ෂක කර්මාන්ත සංකීර්ණයෙන් දැවැන්ත දුම් වලාකුළු මතු වන අයුරු දක්නට ලැබී තිබේ. ඉරානයේ ආරක්ෂක අංශ සහ ඉහළ තාක්ෂණික ක්ෂේත්රයට අයත් සන්නිවේදන මෙවලම් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත සංකීර්ණය අතිශය උපායමාර්ගික වැදගත්කමකින් යුක්ත ස්ථානයක් වන අතර, මැදපෙරදිග කලාපීය යුද වාතාවරණය මධ්‍යයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
















