පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා අභියාචනාධිකරණය විසින් අද (09) කල් තබන ලදී. සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සිව්වන දිනටත් අද කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් වැඩිදුර කරුණු දැක්වීම සිදු කළ අතර, අනතුරුව පෙත්සමේ වැඩිදුර සලකා බැලීම එළඹෙන 23 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කෙරිණි.
















