ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කලාපයෙන් හමුදාව ඉවත් කරගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ඉශ්‍රායලය විසින් දැඩි පිළිතුරක් ලබා දෙමින්, තමන්ගේ ආරක්ෂක තීරණ ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ අවසරයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර ඇති බව News18 India පුවත් සේවය වාර්තා කරයි.
මැදපෙරදිග පවතින දැඩි යුද වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකාව සහ ඉශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මෙම ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන බව ඉශ්‍රායලය අවධාරණය කරන පසුබිමක, මෙම නවතම දේශපාලන පෙරළිය හේතුවෙන් දීර්ඝකාලීන මිත්‍ර රටවල් වන ඇමෙරිකාව සහ ඉශ්‍රායලය අතර ඉදිරි ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.















