ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සහ සාමාජිකයන් පත් කර තිබේ. ඒ අනුව එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබූහ.
එම පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (09) පස්වරුවේ අදාළ මහත්ම මහත්මීන් වෙත භාර දෙන ලදී. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ධූර කාලය අවසන් වීම හේතුවෙන් පුරප්පාඩු වී තිබූ ධූරයන් සඳහා මෙම පත්වීම් සිදු කර තිබේ.















