ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මිලිටරි ගැටුම් තවදුරටත් උත්සන්න කරමින්, ඉරානයේ බුෂෙහ්ර් පළාතේ පිහිටි එරට විශාලතම ස්වභාවික ගෑස් සහ ඛනිජ රසායනික කර්මාන්ත මධ්‍යස්ථානය වන අස්ලාවියා වරාය නගරය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඉශ්‍රායලයේ යෙදියොට් පුවත් සේවයේ මාධ්‍යවේදී සැමුවෙල්වාර්තා කරන අන්දමට, ලොව විශාලතම ස්වභාවික ගෑස් සංචිතය ලෙස සැලකෙන සවුත් පාර්ස් ගෑස් ක්ෂේත්‍රයට අනුබද්ධිත දැවැන්ත කර්මාන්ත ශාලා සහ පාර්ස් විශේෂ බලශක්ති ආර්ථික කලාපය පිහිටා ඇත්තේ මෙම ප්‍රහාරයට ලක්වූ අස්ලාවියා කලාපයේය. ඉරානයේ සමස්ත ආර්ථිකයට, බලශක්ති අපනයනයට සහ රාජ්‍ය ආදායමට අතිශය තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම උපායමාර්ගික බලශක්ති මධ්‍යස්ථානය වෙත එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
















