මෙවැනි විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂය ලෙස සතුටු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට ඉතා වැදගත් අණ පනත් පිළිබඳ සාකච්ඡා කෙරෙන අවස්ථාවක, විපක්ෂ නායකවරයා එම පනත් සම්බන්ධයෙන් කිසිදු කරුණක් නොදක්වා බන්ධනාගාර සිදුවීම් පිළිබඳව පමණක් කතා කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විවේචනය කළේය. වචන තිබුණු පමණින් කතා කිරීම සහ විෂය බද්ධ කරුණු පිළිබඳ කතා කිරීම අතර විශාල වෙනසක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාගේ කතාවේ කිසිදු බරක් නොමැති බවත් පැවසීය.
රටේ දේශපාලන සංස්කෘතිය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහාත්, පසුගිය දශක කිහිපයේ ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්වූ රට එම තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහාත් අදාළ පනත් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එවන් තත්ත්වයක් තුළ විපක්ෂ නායකවරයාගේ කතා විලාසය “යන්නේ කොහෙද මල්ලේ පොල්” වර්ගයේ කතා බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















