මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී, 2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇත.
ඒ අනුව රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද (09) නියෝග කළාය. අපරීක්ෂාකාරීව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම යන දෙවන හා තෙවන චෝදනා සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහාත්, නියම කළ දඩ මුදල ගෙවීම සඳහාත් නඩුව නැවත අගෝස්තු මස 20 වන දින කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
















