මේ වන විට බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ කර තිබුණ ද, රජයේ වී ගබඩා විවෘත නොකිරීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කර අවසන් බවත්, ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වී ගබඩා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත්ය. රජය නියම කර ඇති සහතික මිලට අඩුවෙන් අතරමැදි මෝල් හිමියන්ට වී අලෙවි නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින නියෝජ්‍ය ඇමැතිවරයා, වෙළෙඳපොළ තුළ සහල් මිල සම්බන්ධයෙන් දැනට ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවද අවධාරණය කළේය.
















