සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම, තරගාවලියේ ජය වාර්තා කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඊයේ (09) පැවති සිව්වන විස්සයි විස්ස තරගය කඩුලු 09කින් ජයග්රහණය කරමින් ඔවුන් මෙම දක්ෂතාව දැක්වීය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය. එම ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගිය එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 13යි පන්දු 05කදී ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තේ එක් කඩුල්ලක් පමණක් දැවී යමිනි.
තරගාවලියේ පළමු තරගය අතහැර දැමුවද, අනතුරුව පැවති තරග තුනම ජයග්රහණය කළ එංගලන්තය මේ වන විට 3 – 0 ක් ලෙස තරගාවලිය තුළ පෙරමුණ ගෙන සිටියි.
















