මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
මේ අතර, ගැටුම පැවති දෙවන දිනයේදී බන්ධනාගාර දොර කවුළුව හරහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියා වෙත උසස්වීමක් ලබා දීමට මේ වන විට යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු සහ කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය අදාළ වාර්තාවේ ඇතුළත් කර ඇත.
















