අනුරාධපුර, ශ්රාවස්තිපුර ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 54ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (ජූලි 09) ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ශ්රාවස්තිපුර ප්රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















