කන්දකැටිය, ගිගිරිබුදාම ප්‍රදේශයේ රජයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (ජූලි 10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී, කැණීම් සඳහා භාවිතා කළ උපකරණ ද සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බදුලුඔය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















