මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දරුණු නොසන්සුන්තාවය හමුවේ ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන තිබේ.
විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සතු වගකීම සහ වගවීම පැහැර හැර ඇති බව පවසමින් විපක්ෂය මෙම තීරණයට එළඹ ඇත. මීට පෙර අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා පවසන්නේ නම් තමා ඕනෑම මොහොතක සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
















