ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේ විදුලි බිල අඩු කර ගැනීම සහ කාබන් විමෝචනය අවම කිරීම අරමුණු කරගනිමින් නව සූර්ය විදුලිබල පද්ධතියක් ස්ථාපනය කිරීම අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වහල මත සූර්ය පැනල 521 ක් සවි කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 49 කි.
මසකට කිලෝ වොට් පැය 36,600 ක විදුලිබලයක් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි.
මෙමගින් අධිකාරියේ මාසික විදුලි බිල සියයට 70 කින් අඩු කර ගැනීමට හැකි වේ.
නිෂ්පාදනය කෙරෙන අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.















