ඉරානයේ හිටපු උත්කෘෂ්ට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ දේහය මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම දැක්වෙන දර්ශන ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව මධ්‍යයේ වුව ද, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (09) අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි. සතියක් පුරා පැවති මෙම අවමංගල්‍ය උත්සව මාලාව සඳහා සමස්තයක් ලෙස මිලියන 43ක ජනකායක් සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කමේනි මහතාගේ දේහය මිහිදන් කෙරුණේ ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන, ඔහුගේ උපන් බිම වූ මෂාඩ් (Mashhad) නුවර පිහිටි ප්‍රකට ‘ඉමාම් රේසා’ (Imam Reza) පුදබිමේය.
දශක හතරකට ආසන්න කාලයක් ඉරානය මෙහෙයවූ අලි කමේනි මහතාට අවසන් බුහුමන් දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෂාඩ් නුවර වීථි පුරා පිරී ඉතිරී ගොස් සිටියහ. කෙසේ වෙතත්, ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා ලෙස පත් කරනු ලැබූ ඔහුගේ පුත් මොජ්ටබා කමේනි (Mojtaba Khamenei) සතියක් පුරා පැවැති මෙම අවමංගල්‍ය උත්සවයේ කිසිදු අවස්ථාවකට සහභාගී නොවීම විශේෂත්වයක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















