ඇමෙරිකාවේ වයිට් හවුස් (White House) UFC සටන් කලාවන් ඇතුළත් ක්‍රීඩා ඉසව්වක් ඉලක්ක කර ගනිමින් මහජනතාව විශාල වශයෙන් ඝාතනය කිරීමේ අරමුණින් දියත් කිරීමට සැලසුම් කර තිබූ බිරුදු සහ බියගුලු ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සමත් වී තිබේ. මෙම ත්‍රස්ත කණ්ඩායම විසින් පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද ඩ්‍රෝන යානා (Armed Drones) සහ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිත කරමින් මෙම සමූහ ඝාතන ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව FBI ආයතනය අනාවරණය කරයි.
එහිදී ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන අතරතුර, බියෙන් කලබල වී ක්‍රීඩාංගණයෙන් සහ අවට පරිශ්‍රයෙන් පැන දිවීමට උත්සාහ කරන නිරායුධ මහජනතාව වෙත ගිනිඅවිවලින් වෙඩි තබා උපරිම ජීවිත හානියක් සිදු කිරීම මෙම ත්‍රස්තයින්ගේ මූලික සැලසුම වී තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. කෙසේ වෙතත්, බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් නිසි වේලාවට ක්‍රියාත්මක වෙමින් මෙම සැලසුම ව්‍යර්ථ කිරීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් සහ ලේ වැගිරීමක් සාර්ථකව වළක්වා ගැනීමට හැකි වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















