රුසියාව සහ චීනය අතර නිල වශයෙන් ප්‍රකාශිත හමුදා සන්ධානයක් නොමැති වුවද, දෙරටේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්, අවි නිෂ්පාදකයින් සහ රාජ්‍ය ආයතන එක්ව රහසිගත මෙහෙයුම් රැසක් සැලසුම් කරමින් සිටින බව ජර්මනියේ ‘ඩර් ස්පීගල්’ (Der Spiegel) පුවත්පත අනාවරණය කරයි. එම රහස්‍ය ලේඛනවලට අනුව ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා පද්ධතිය අඩපණ කිරීම, යුක්රේන යුද්ධය සඳහා ඩ්‍රෝන ක්‍රියාකරුවන් පුහුණු කිරීම සහ නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිපදවීම කෙරෙහි දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ. රුසියානු සෙබළුන් 200ක් චීන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති අතර, චීන හමුදා නිලධාරීන් යුක්රේන පෙරමුණේ සිට තායිවාන ආක්‍රමණ සැලසුම් සඳහා අවශ්‍ය සටන් අත්දැකීම් නිරීක්ෂණය කරමින් සටහන් ලබාගන්නා බව ද එමඟින් පෙන්වා දෙයි. මේ අනුව යුක්රේන සහ තායිවාන අර්බුද යනු එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් නොව, එකම යුද උපායමාර්ගික සැලසුමක කොටස් දෙකක් බව විදේශීය විචාරකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















