රුසියාවට එරෙහිව යාවත්කාලීන කරන ලද නව සම්බාධක පනතක් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ එකඟතාවකට පැමිණි බව ඇමෙරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු නිවේදනය කර තිබේ. රිචඩ් බ්ලූමෙන්තාල්, ලින්ඩ්සේ ග්‍රැහැම්, ජීන් ශාහීන් සහ රොජර් විකර් යන සෙනෙට් මන්ත්‍රීවරුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රුසියාව විසින් යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර දැඩි කර ඇති පසුබිමක, පුටින්ගේ යුද යාන්ත්‍රණය ශක්තිමත් කරන රුසියානු තෙල් සහ ස්වභාවික වායුව මිලදී ගන්නා පාර්ශවයන්ට දැඩි පියවරක් හැසිරීම සඳහා ව්‍යවස්ථාදායකය සහ විධායකය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. මාස කිහිපයක සිට සකස් කෙරුණු මෙම පනත මඟින්, යුක්රේනය සමඟ සාම ගිවිසුමකට එළඹීමට රුසියාව අපොහොසත් වීමට එරෙහිව, රුසියානු බලශක්ති අපනයන මිලදී ගන්නා රටවල් ඇතුළු මොස්කව් සමඟ ගනුදෙනු කරන රටවලට සම්බාධක පැනවීමට යෝජනා කර ඇත. මේ අතර, පසුගියදා තුර්කියේ අන්කාරා නුවරදී ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර පැවැති හමුවෙන් පසු දෙරට අතර සබඳතාවන්හි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














