ශ්‍රී ලාංකීය ගොවි බිම්වල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිෂ්පාදනය කෙරෙන ACE ට්‍රැක්ටරයේ අලෙවි ජාලය තවදුරටත් පුළුල් කිරීමට ලංකා ට්‍රැක්ටස් සමාගම පියවර ගෙන ඇත. එහි එක් පියවරක් ලෙස කොළඹ 11, ඕල්කට් මාවතේ අංක 343 දරන ස්ථානයේ පිහිටි එම සමාගමේ මුල් ප්‍රදර්ශනාගාරය නැවත විවෘත කිරීම පසුගියදා සිදුවිය.
1971 දී රාජ්‍ය ට්‍රැක්ටර් සංස්ථාව ලෙස ආරම්භ වී 1991 දී ලංකා ට්‍රැක්ටස් ලෙස ප්‍රතිව්‍යුහගත වූ මෙම ආයතනය, 2025 වසර අග භාගයේදී ඉන්දියාවේ Action Construction Equipment සමාගමේ කෘෂි අංශය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වයෙන් අනතුරුව ACE සන්නාමය යටතේ ට්‍රැක්ටර් නිෂ්පාදනය ආරම්භ කළේය.
ගොවීන්ට සහනයක් සැලසීමේ අරමුණින් Asian Assets Finance සමඟ එක්ව විශේෂ කල් බදු (Leasing) පහසුකම් හඳුන්වා දීමටද ලංකා ට්‍රැක්ටස් පියවර ගෙන ඇත. තවද, දිවයින පුරා ට්‍රැක්ටර් මෙන්ම ඒවායේ අමතර කොටස් ද ගොවීන්ට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටී.
















