දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන් සඳහා ජනාධිපති පොදු සමාව පිරිනැමීමේ ක්‍රියාවලිය වඩාත් ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා සකස් කරන ලද විශේෂ වාර්තාවක් ඊයේ (10) නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම වාර්තාව භාර දෙනු ලැබුවේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසිනි. පොදු සමාව ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ අඩුපාඩු මඟහරවා ගනිමින්, වඩාත් විධිමත් පදනමක් මත මෙම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
අධිකරණ පද්ධතියේ විශ්වාසය තහවුරු කිරීමටත්, සැබවින්ම සමාව ලැබීමට සුදුසු රැඳවියන් හඳුනා ගැනීමටත් මෙම නව වැඩපිළිවෙළ ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















