ඉරානය සමඟ සාකච්ඡා ඉදිරියට කරගෙන යාම සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද (11) ඕමානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාමය අවසන් වී තිබුණද, ඉරානයේ ඉල්ලීම පරිදි අමෙරිකාව සාම සාකච්ඡා දිගටම පවත්වාගෙන යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම දූත පිරිස ඕමානය බලා පිටත්ව ගොස් තිබේ. දෙරට අතර පවතින ගැටලුකාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා මෙම සාකච්ඡා තීරණාත්මක වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
















