තායිලන්තයේ ඊසානදිග කලසින් පළාතෙන් හමුවූ පොසිල සාක්ෂි මත පදනම්ව, මීට පෙර හඳුනා නොගත් නව ඩයිනෝසෝර විශේෂයක් සොයා ගැනීමට එරට පාෂාණ විද්‍යාඥයින් සමත්ව තිබේ.
‘උරගසෝරස් කලසිනෙන්සිස්’ (Uragasaurus kalasinensis) ලෙස නම් කර ඇති මෙම ඩයිනෝසෝරයා මීටර් 20ක පමණ දැවැන්ත සිරුරකින් සමන්විත වන බව විද්‍යාඥයින් පවසයි. මීට වසර මිලියන 150කට පමණ පෙර, එනම් අග ජුරාසික් යුගයේ ජීවත් වූ මෙම ශාකභක්ෂක ඩයිනෝසෝරයා සතු අස්ථි ව්‍යුහය ලොව මෙතෙක් හඳුනාගෙන ඇති සෙසු ඩයිනෝසෝර විශේෂයන්ට වඩා බෙහෙවින් වෙනස් සහ අමුතු ස්වරූපයක් ගන්නා බව සඳහන් වේ.
මෙම සොයාගැනීම මඟින් පුරාතන උරගයින්ගේ පරිණාමය සහ එම යුගයේ පැවති පරිසර පද්ධති පිළිබඳ නව තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාසය පළ කරයි.
















