• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

11 July 2026
in දේශීය, පුවත්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 67,000ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, හඳුනා නොගත් වකුගඩු රෝගය (CKD) බහුල ප්‍රදේශවල ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් දියත් කෙරෙන හුදු යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පමණක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බවයි. පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, වගා හානි සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ලබා දීම සහ වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මේ වන විට සිදු කර ඇත. රටේ පවුල් ලක්ෂ 10කට අලුතින් පානීය ජල සැපයුම් ලබා දීම සඳහා රුපියල් කෝටි 2,000ක් වැය කරමින් නව ජල ව්‍යාපෘති 22ක් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර මහකනදරා වැව දක්වා ජලය ගෙන යාමට කටයුතු යොදා ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙය බිලියන 51ක් වැය කරමින් ක්‍රියාත්මක වන ලංකාවේ දෙවන විශාලතම ජල ව්‍යාපෘතිය බව ප්‍රකාශ කළ අතර, ජල සම්පාදන ක්ෂේත්‍රයේ විශාල පුනර්ජීවනයක් ඇති කරමින් ඉදිරියේදී දිවයින පුරා ජල ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජපානය ස්ථාවර හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බව පවසමින්, රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී ඇති බව ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති KAMOSHIDA Naoaki මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.
Post Views: 13
Previous Post

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහළට

Next Post

ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් තායිලන්තය හරහා කසකස්තානයට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ  දෙවන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  ප්‍රධානත්වයෙන් ඇරඹේ

ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් තායිලන්තය හරහා කසකස්තානයට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved