මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,174කි.
ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති බවත්, ඊයේ (10) දිනය තුළ පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වී ඇති බවත්ය.
ඩෙංගු රෝග ව්‍යාප්තියේ පවතින මෙම සීඝ්‍ර වර්ධනය හේතුවෙන් මේ වන විට ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති අතර, රෝහල් තුළ දැඩි තදබදයක් සහ පීඩනයක් නිර්මාණය වී ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
















